Posted by: magelokaya | 2009 July 20

දැනීම සහ රිදීම

අපූරු කතාවක් තියෙනවා කියන්න…. මට මේ බ්ලොග් ලිවිල්ල පටන් ගන්න අසන්නම හේතුව වුනෙත් මේ කතන්දරයමයි.

අද මට සිද්ධ වුනා කළුබෝවිල ඉස්පිරිතාලෙට යන්න පොඩි කාරණාවකට.  පහුගිය ටිකේම මට වධ දීපු මගේ යටි ඇන්දේ හක්ක කෙලවරේම දත ගලව ගන්න…මම පොඩි වදයක් නෙමෙයි වින්දෙ පහුගිය ටිකෙ මේ දතක් හින්දා…වෙනදට පොඩි බඩගින්නට සීනී අහුරක් කටේ දාගන්න මම නතර වුනේ අලුත් දත් බුරුසුවක් අරන් රෑටත් දත් මදින්න පටන් අරගෙන. මතක ඇති කාලෙක රෑට දත් මැද්දමයි ඔය.

දැන්  කතාව ඔක නෙවෙයි. අද උදේ 8 වෙද්දි එන්න කියල වෙලාව දීලා තිබුනත් ඉතින් වැඩේ පටන් ගන්න කොට 10ට කිට්‍ටුයි. ආණ්ඩුවෙ ඉස්පිරිතලෙක ඉතින් එක එච්චර ලොකු ප්‍රමාදයකුත් නෙවෙයි. පොඩි සෙනගක් කියලද? මට දහ සැරයක් විතර වැඩේ අත ඇරලා එන්න හිතුනා. දත මගේ නූනානම් මම කොහොම හරි එනවා. ඒ වුනාට මේ මගුල් දත මගේනෙ.

කොහොම හරි අන්තිමට මම ඇතුලට ගිහින් අර ඇද වගේ පු‍ටුවේ වාඩි වුනා(බුදිය ගත්තා). දොස්තර මට කියල ලියුමක් ලියව ගත්තා වැඩේ බරපතල කම දැනගෙන ඒ සදහා කැමැත්ත දෙනවා කියලා. ඊට පස්සෙ මගේ කටට හිරි වැටෙන්න injection එක ගහලා විනඩි කීපයක් හිටියා. ඊට පස්සෙ දොස්තර මොකක්ද මගුලක් අරගෙන දත තද කලා. දතද නැත්නම් දත මුලද කියලා හරියට දැනුනෙ නෑ. මට ටිකක් රිදිලා මම කිවුවා “ඒක නම් රිදුනා. හිරිවැටිලා නැද්ද දන්නෙ නෑ” කියලා. එතකොට දොස්තර කියපි නැ ඔයාට දැනෙනවා විතරයි රිදෙන්නේ නෑ කියලා. “මූ මාව පැය 2ක් එලියෙ හිටොල තියල තව මගුල් කතා කරනවා. රිදෙන්නෙ තොටද? මටද? ” ඒ ටික හිතේම ගුලි කර ගෙන මම ඉවසගෙන හිටියා. මෙන්න තව මොකක්ද මගුලක් කටට දාලා ආයි දතට අනින්න ගත්තා. ටිකකින් මට ගලවපු දත පෙන්නල කියනවා “ඔන්න දත.. වෙලාවට කැඩුනෙ නැ” කියල. මම උඩ ගිහින් බිම වැ‍ටුනෙ එක කිවුවම. අර අඟල් බාගයක් විතර යටට තියෙන දත ගලවද්දි මම හිතුවෙ මාසයක් විතර අදින්න වෙයි කියල. තත්පර ගනේ වැඩේ. එහෙමකට රිදුනෙත්  නැ. එකට කියන්න වෙන්නෙ දැනුනා කියල තමයි. මම ගෙදර එනකල්ම කල්පනා කලේ දොස්තර කියපු කතාව  ගැන. “ඔයාට රිදෙන්නේ නෑ දැනෙනවා විතරයි…”

බලගෙන ගියහම ඒ කතාවෙ ලොකු තේරුමක් තියෙනවා. අපි හුගක් දෙවල් වලදි රිදීම ගැන හිතනවා. මිනිස්සු ආශ්‍රයේදි වෙන්න පුලුවන්, ලෙඩකදි දුකකදි වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් වෙන ඕනෙම තැනක වෙන්න පුලුවන්. නමුත් අපි නොහිතන කාරණේ තමයි ඒක අපිට දැනෙන දෙයක් විතරක්ම වෙන්න පුලුවන් බව.  රිදෙනවා කියල හිතපු දැනීම නිසා අපි කොච්චර මිනිස්සු ගැන වැරදියට තේරුම්  ගන්න ඇත්ද? කොච්චර රසවත් අත්දැකිම් දුකයි කියලා බැහැර කරන්න ඇත්ද? අපේ කොච්චර වටිනාකම් අඩු වෙන්න ඇත්ද? අනික් අතට  අපි කොච්චර රිදීම් සැපයි කියලා හිතාගෙන ඉන්නවද?

අපි කවුරුත් අංග සම්පූර්ණ අය නොවෙන්න පුලුවන්. නමුත් මේ කියන දේ ගැන ඩිංගක් හිතල බලන්න වටිනවා.

ඔබට ජය වේවා.

. මම උඩ ගිහින් වැ‍ටුනෙ එක කිවුවම. අර අඟල් බාගයක් විතර යටට තියෙන දත ගලවද්දි මම හිතුවෙ මාසයක් විතර අදින්න වෙයි කියල. තත්පර ගනේ වැඩේ. එහෙමකට රිදුනෙත්  නැ. එකට කියන්න වෙන්නෙ දැනුනා කියල තමයි. මම ගෙදර එනකල්ම කල්පනා කලේ දොස්තර කියපු කතාව  ගැන. “ඔයාට රිදෙන්නේ නෑ දැනෙනවා විතරයි…”
බලගෙන ගියහම ඒ කතාවෙ ලොකු තේරුමක් තියෙනවා. අපි හුගක් දෙවල් වලදි රිදීම ගැන හිතනවා. මිනිස්සු ආශ්‍රයේදි වෙන්න පුලුවන්, ලෙඩකදි දුකකදි වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් වෙන ඕනෙම තැනක වෙන්න පුලුවන්. නමුත් අපි නොහිතන කාරණේ තමයි ඒක අපිට දැනෙන දෙයක් විතරක්ම වෙන්න පුලුවන් බව.  රිදෙනවා කියල හිතපු දැනීම නිසා අපි කොච්චර මිනිස්සු ගැන වැරදියට තේරුම්  ගන්න ඇත්ද? කොච්චර රසවත් අත්දැකිම් දුකයි කියලා බැහැර කරන්න ඇත්ද? අපේ කොච්චර වටිනාකම් අඩු වෙන්න ඇත්ද? අනික් අතට  අපි කොච්චර රිදීම් සැපයි කියලා හිතාගෙන ඉන්නවද?
අපි කවුරුත් අංග සම්පූර්ණ අය නොවෙන්න පුලුවන්. නමුත් මේ කියන දේ ගැන ඩිංගක් හිතල බලන්න වටිනවා.
ඔබට ජය වේවා.

ප. ලි. : මට ඇහුණු හැටියට ඒ දොස්තර මහත්මයාගේ නම ‘මුරගේ’. මගේ දත ගලවලා මට ලබා දුන් සහනයටත්, අද මගේ ජීවිතයට එක් කල අපුරු පාඩමටත් ඔබට බොහෝම පිං…..

Advertisements

Responses

  1. මල්ලි හරි මල්ලි……..අද ඔයා දත හින්ද ලොකු දෙයක් තෙරුම් අරන්……හැබැයි ඔක තේරෙන්න මොකක් හරි දුකක් වෙන දෙයක් උනාම විතරයි…..

  2. Maxxa…….
    මට දැනේන විදිහට උඹ ඒදිරිට (සාටකේ ලියන) වඩා හැකියාවෙන් අග තැන්පත් වගේ… වැඩෙ දිගටම කරපන්…
    මගෙ සුබ පැතමී…

  3. අනේ මන්දා, සමහර දේවල් කොච්චර හිතුවත් “දැනෙනවා” නෙමෙයි, “රිදෙනවා” !!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: