Posted by: magelokaya | 2009 August 15

නම් ගම් මනංකල්පිතයි……

හුදී ජනයා අදත් සුපුරුදු පරිදි විල අවට ‍රැස්ව සිටියෝය. වෙනසකට තිබුනේ මල් පිපෙන සමය යලි එලඹී තිබීම පමණකි. එහෙයින්ම කුහුල බරවූ සිතින් යුත් හුදී ජනයා පිපෙන්නට ආ පොහොට්‍ටු දෙස වඩ වඩාත් ඕනෑ කමින් නෙත් සිත් යොමා සිටියහ. විලේ පිපී තවමත් තිබෙන කණා‍ටු මල් අතර සුවඳ මලක් සොයන හුදී ජනයා විල අවට සුලභ දසුනක් විය. මල් පොහොට්‍ටු හය හතක් දෙස බලාත් සැනසීමට පත් නොවු ජනයා විලෙන් මදක් මෑත් ව ‍රැදි සිටිමින් මග හැරුනු මලක් වේදෝහොයි සොයන්නට මෙන් වන්හ.
මීට කලකට පෙර විලේ ඉතා අනර්ඝ වු පුෂ්පයක් වූ බව මට මතකය. සාමාන්‍යයෙන් පිපෙන මලක් තම ආයු කාලය අවසානයේ පරව යැම විලේ ස්වභාවය වුවද යටකී මල එසේ නොවුවාය. ඒ පුෂ්පය වඩා වැඩි කාලයක් විලේම පිපි ඩිලෙන්නට වුවාය. කුමන හේතුවකට ඕ විලේ නතර වුවද කලාතුරකින් පූදින එවන් පුෂ්පයක් පර නොවී විලේ ඉතිරිව තිබීම හුදී ජන පහන් සංවේගය පිණිස නම් නො අඩුව හේතු වූ බව නොවලහා පැවසිය හැක. නමුත් හටගත් දැයෙක පැවැත්මට කෙලවරක් ද ඇති හෙයින් ඒ මලද කලකට පසු පරව ගියේ විල තුල නොපිරවිය හැකි හිස්තැනක් ඉතිරි කරමිනි.
මේ එලඹුනා වු වසන්ත සමය විල අවට සිටින හුදි ජනයා වෙත ගෙන අවේ එම හිස්තැන පිරීම පිලිඹද පැතුමයි. සැහෙන වෙලා විල ඩෙස බලා සිටද තම පැතුම ඉ‍ටු නොවුයෙන් හුදි ජනයා බලපොරොත්තු අතැර ගත්තෙ වික්ෂිප්ත මනසින් විල ඔබ්බෙහිම ‍රැදි සිටියහ.
ආශ්චර්යයක් දු‍ටු කලෙක මෙන් හදිසියේම අයෙක් ප්‍රබොධමත් හඩක් නැගීය. ඔබ මොබ බැලූ හුදි ජනයා නොසන්සුන් වන්නට වුහ. පියඹා යන කුරුල්ලකු අහසින් ගෙනවිත් විලට අතහැර දැමු කලෙක මෙන් හදිසියේම මල් පොහොට්‍ටුවක් පැන නැංගේ, හුදි ජනයා තුල අපේක්ෂා මල් යලිත් විකසිත විය. කෙමෙන් කෙමෙන් ඩියෙන් මතු පිටට පැන නැන්ග වූ මල් පොහොට්‍ටුව සිය න‍ටුව මත නැලවි නැලවි ලතාවකට පැද්දෙන්නට විය. මෙය කිනම් වර්ගයට අයත් දෝහෝයි හුදි ජනයා විපරම් කරන්නට වුහ. නමුත් දැන ගත හැකි වුයේ එය හදුනා නොගත් නෑඹුල් මල් පොහොට්‍ටුවක් වගය.
මද අවකාශයකින් ඒ මල තම වර්ගය පිලිඹද ඉගි පලකරන්නට  වුයේ එය උපුල් මලක් වග සනාථ විය. මල සිය පෙති විහිදා සැලෙන්නට පෙරම සිය සුවඳ දසත  විහිදුවා ලන්නට විය. නොතැලුණු උපුලක් ලෙස විකසිතව දිලෙන්න සියලු මග හෙලි පෙහෙලිව තිබුණි.
සැ.යු. : මෙහි එන සියලු නම් ගම්, වත ගොත සියල්ල මනංකල්පිතයි. එය කිසිවකු හා සබැඳේ නම් ඔවුන් මා කෙරෙහි අනුකම්පා කරත්වා…..

Responses

  1. Mata mathak wenne Simon Nawagaththegamage pothak, sansara arannaye dhadayakkaraya..pothe nama nam harida manda.. kohomatath e wage namak. E bhasha huruwa tikak thiyenawa lipiye. Rasawath… you have reproduced a real world expeience in a more creative manner..

  2. සයිමන් නවගත්තේගම ගේ පොතක් තියෙනව “සංසාර ආරණ්‍ය අසබඩ” කියලා. ඔය කියන්නේ ඒක ගැනද දන්නෙ නැහැ….

    මොනවා වුනත් ඒ අගය කිරීම ටිකක් ලොකු වැඩිද මන්දා….

    කෝක වුනත් ස්තුතියි ප්‍රතිචාරයට….

  3. This is obvious…meka upul malak kiwwata nil upul malak neme. s*** upul malak… hehe…

  4. machan kathawa nam hopdai… pehedili kirimakuth one… umbe ewa kiyawana api hemadaama tube lite ne….!!!

  5. oya kiyana hudhi janayaa samawitama sitinne kumana ho malak thamaata nela gannata athnam kiyaaya.samaharunta gadhapaana malak, vattakkaa malak,baadhuraa malak wuwa kam natha.janayagen ithaama kudaa pirisakata malak thora ganimea wapasariya pipennata thibena pohottuwaka sita mukulitha wannata athi malak dakwaa wihide.

    • මේ ලිපියට පසුබිම් වන පරිසරය ගැන හිතුවහම නම් මේ කතාව හරියටම හරි.

      ඒත් වෙනත් පරිසරයකදි මේක ටිකක් වෙනස් වෙනවා….

      ස්තුතියි ප්‍රතිචාරයට……

  6. අද හරි අපූරු දවසක්. කාලෙකට පෙර පර වී ගිය මල අද විල පැත්තේ ඇවිත් හිටියා.

    හොල්මනක් දැකල සතුටට පත් වූ පලමු දිනය අදයි……….

  7. oba oya kiyana parisarayath ma me kiyana parisarayath ekama thama…..wenath parisarayakadi hudi janayage mal gana thiyena adahas ha mal thora ganeemedi thibena adahas itha wishala lesa apa gamanaya wenawa api dennama me kiyana parisarayen……….

  8. කලකට ඉහත “පසු උපාධි” තට්‍ටුවේ පිපුනු මලක් දෙස මාගේලෝකය විපරම් කරමින් සිටි බවක් මාගේ මතකයට නැගෙයි.
    එමෙන්ම මාගේලෝකය දන්නවා ඇති ලියතම්බරා මල් පිපී පරව යන තුරු බලමින් දුක් වන සමහරක් සහෝදරයින් කිඩාරම් මල් වලට දුක් දෙමින් සිටි බවක් … ඒ ගැනත් මෙහි සටහනක් ඔබගෙන් දකින්නට අපේක්ෂා කරමි.

    උපුල් මල ගැන ඔබගේ අදහස් අගය කරමි.

  9. thz is rockin bro…. niceeeeeeee….keep it up bro….

    p.s. appa pc….thota meka therenne nadda…umbanam pattama modayek ban…umba dannethi ewata hota noda indapan…

  10. mmmmmmmmmmm.aulak ne

Leave a reply to hora Cancel reply

Categories