Posted by: magelokaya | 2009 October 11

කවදා වෙනකං ද…….?

රතු පාට, කහ පාට ආදී නා නා විධ මලින් ගැවසී ගත් සුන්දර උයනකට ඇතුලු වු කලෙක මෙන් ඔහු සිත කුල්මත් වන්නට විය. ප්‍රමෝදමත් සිතින් යුතු වු ඔහු ඔහෙ පාවි යන්නාක් මෙන් සැරි සරන්නට වුයේ හදිසියෙ නිල් පැහැ මලක් දු‍ටුවේ, මනස කැලඹී ගිය කලෙක මෙන් වට පිට බලන්නට විය. ආයාසයෙන් යලි සිහි එලවාගත් හෙතෙම මලක රොන් උරා බොමින් සිට ඉන් පැන නැඟි ඉගිල යන්නට වු සමනල ‍රැනක් දැක ඒ පසු පස හඹා යන්නට සිතීය. සමනල රෑන යන දෙසට දිව ගිය හෙතෙම හදිසියේ ප්‍රාදූර්භූත වූවාක් සේ පහල වූ වලකුල් පඩි පෙලක් අභිමුව නතර විය. දෙවරක් සිතන්නට පමා නොවු හෙතෙම වහ වහා පඩි මත දිව යන්නට විය….

මොහොතකින් අහස ගුගුරන්නට විය….දස අත අඳුර විසිරී පැතිරී ගියේය.. මහ වැස්සක පෙර නිමිති පහල විය….හදිසියේ මහ හඩක් නගමින් පුපුරා ගිය අකුණක ආලෝකයෙන් ඔහුගෙ නෙත් නිලංකාර වී ගියේය. තව දුරටත් ඉහල ‍රැදී සිටිමෙහි අසමත් වූ ඔහු බිම ඇද වැටෙන්නට විය….

යන්තම් සිහි එලවාගෙන බලන කල හෙතෙම කාමරයක බිම වැතිරි සිටින වග ඔහු හට පසක් විය. තම දෑත් මතට මහත් වෙර දී කය ඔසවා ගත් හෙතෙම අපහසුවෙන් මෙන් වට පිට බලන්නට විය.හදිසියෙ මහ වැස්සක් තම දෑත් මතට කඩා හැලෙන වග ඔහුට දැනුනි… අවට සිටියවුන් ‘මෙන්න මූ………………………..’ යයි මොර දෙමින් ඈත් මෑත් වන අයුරු ඔහුට පෙනුනි. වැහැරි ගිය සිතින් හ කයින් යුතු වු හෙතෙම වැසි වැටි තෙත්ව ගිය බිම මතටම කඩා හැලුනි.

n524065122_1619028_2378

‘දැන්වත් නැගිටපන්……………………’ හුරු පුරුදු කට හඩක් ඇසීමෙන් හෙතෙම අවදි වුයේ තමා සිටින්නෙ කොහේදැයි සොයන්නාක් මෙන් වටපිට බලන්නට විය. අගක් මුලක් ගලපා ගත නොහැකි වූ කල හෙතෙම අසල සිටියකුගෙන් විමසීමක් කලේ සිය සගයන්ගේ සිනා හඩ මධ්‍යයේ දුර්මුඛ විය…… මද වේලාවක් කල්පනාවේ නිමග්නව සිටි හෙතෙම නිහඩතාව බිද දමමින් පිරිස ඇමතීය.

‘මං බොන එක නවත්තනවා……..’

පිරිස තැතිගැන්මට පත්ව බල සිටියහ. ඔහු තුල දැඩි අදිෂ්ඨානයක සේයාව පලවිය. පිරිසෙන් එකකු නිහඩතාව බිදිමින් පැනයක් නැගීය….. ‘කවදා වෙන කං ද…..’

ඔහු සතුව පිලිතුරක් නොතිබුණි….හෙතෙම මොහොතක් නිහඬව සිට යමක් තෙපලු වග පෙනී ගියේය….. ළග සිටි දෙතුන් දෙනෙකුට ඔහු කී දේ ඇසී තිබුණි…..

‘ආයෙ බොන කං……………..”

Advertisements

Responses

  1. සත්‍ය සිදුවීමක් අැසුරිනි

    සිරා

  2. එල!!!

  3. සිරා සිරා

    මේ ඕක බීමටම අදාළ වෙන්න ඕන නෑ නේද?

    • ඕන කාරණාවකට ගලප ගන්න පුලුවන්….

      නමුත් මම ලියුවෙ නම් ඔයාලගෙ batch එකේම ඉන්න ශිෂ්‍යයෙක් (බේබද්දෙක්) ගැන….. මේ දෙබස් එකක්වත් මනංකල්පිත නැහැ….. කතාව නම් එහෙමයි….

      ජය වේවා….

  4. මතට තිත තියලා ඊට පස්සෙ තිත කොමාව, semi colon, colon ආදී වශයෙන් ගිහින් නැත්තටම නැති වෙලා යන්නේ එක වෙන්න ඇති….

  5. තිතට මත………

    !@$^%_)(*&^%^%$@!!@$^%_)(*&^%^%$@!!@$^%_)(*&^%^%$@!

  6. මං හිතන්නෙ ඔය කියන පුද්ගලයව මං දන්නවා…

  7. Wher did you get da pic from….
    Kathawa nam sahenna purudui wage….

    • පින්තූරයේ හිමිකම නම් ඔබ සතුයි…..

      කණගා‍ටුයි ඒ ගැන සඳහනක් නැති වීම ගැන….

  8. එල එල…

  9. ලොල්..

  10. uparimai…..

  11. කතාව නම් අත්තයි, හැබැයි තාත්විකව සිතිවිලි ගලපන්න ජීවිතයෙත් එකම එක අත්දැකීමක්වත් තියෙන්න ඕනෙ….


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: