Posted by: magelokaya | 2010 August 1

නොලියාම බැරි නිසා…..

හමා එන මුදු සුලඟ
දැවටෙද්දි සියොලගම
දග කරන කෙහෙ ‍රැල්ල
ඇලෙයි නළලේ කොනක……

පත් ඉරක පි‍ටු අතර
සැරි සරන නෙත් යුවල
විටින් විට නතර වෙයි
ඔරලොසු ක‍ටු අතර….

විඩාබර දෙපා දෙස
බලා සොම්නස් සිතින
දහසකුත් එක් වර ද
පිය මනී පෙර මගට….

දුර ඇත ඔහු දකින
දියණියගේ චායාව
නිවාලයි එතුවක්ම
හද දැවුනු සිතිවිල්ල…..

එදා මගෙ උකුල මත
නැලවුණේ පුංචි දුව
සොදුරු ඒ මතක ඉම
වෙත දුවයි ඔහුගෙ සිත……

දියණියව සිඹ සනහා
ආදරෙන් සිප ගන්න
හිත නැගෙන ආසාව
ගුලිගැහුනු හදවතින
ඔහු නැගෙයි යලි රියට……

ප.ලි. :
අද අසනීපයෙන් සිටින මාගේ නැගණිය පන්තියට ගෙන ගොස් නැවත එන තුරු කොල්ලුපිටිය මුදු වෙරල ලඟ නතරව සිටින මගේ තාත්තා නිමිත්ත කරගෙන, තම දියණියන් එනතුරු මග බලා සිටින සුවහසක් පියවරුන් වෙනුවෙන් තැබෙන සටහනකි……..

Advertisements

Responses

  1. Nice one bro. Keep it up.

  2. මෙම සටහන කියවන කෙනෙකුගේ ඇස් වලට පුංචි කදුලක් ආවත් පුදුම ‍වෙන්න දෙයක් නැහැ

    එතරමි හැගීමිබර විදියට ලියල තියෙනවා

    වචන නැහැ 🙂

  3. මේ නිර්මාණය දැක්කම මට මතක් වෙන්නේ එකම එක දෙයයි. මනකයි නේද අමරදේව මාස්ටර් ගායනා කරන‍වා..

    දරු දුක උහුලා.. තනිව වැලපෙනා..
    බුදු බව ලබනා… පියවරු වෙසෙනා..

    පූජා වේවා..!

    නොලියාම බැරි නිසා ලියවිලා තියෙන්නේ ලිවිය යුතුම දෙයක්. හැමදාම කඳුලු දරා ගෙන නොසැලී හිටපු බෝසතුන්ට කවි පද වැල් ගෙතෙන එක අරුමයක් නෙවෙයි නේද සහෝදරයා?

    • අවුරුද්දක් විතර ලියන්න හිතාගෙන ඉඳලා අද තමයි ලියන්න හොඳ නිමිත්තක් ලැබුනේ….

      ස්තූතියි හසල, උපුල් සහ යාපා……

  4. හරිම ලස්සනයි අප්පච්චී!!!

    • අවුරුද්දකට කලින් මේක ලියන්න හේතු වුනු කතාව හෙට කියන්නම්…. බලමු මතක තියෙයිද කියලා….. 🙂

  5. නියමයි අයියා……….. නියමෙට ලියලා තියනවා….. :D:D:D

  6. ඔයාගේ ලෝකේ බලන්න මම ආවේ අද.. අපරාදේ මෙච්චර දවස් ඔයාගේ ලෝකේ මගේ ලෝකෙට වහන් වෙලා තිබිල… ඉතින් අද ඉදල පුලු පුලුවන් වෙලාවට මම ඔයාගේ ලෝකේ කියවන්න එන්නම්…

    ලස්සන සිතුවිලි අගේට ලියල…

    ෴ වත් ෴

    • සොදුරු සිත තරම් ලස්සනට ලියන්න පුලුවන්නම් කියලා නිතර හිතන මට මේ කමෙන්‍ටුව රත්තරන් වටිනවා.

      ස්තුතියි අක්කේ.

      ප. ලි: දැන් දැන් පුර්ණ කාලීන කියවන්නෙක් වේගෙන එනවා. 😦


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: