Posted by: magelokaya | 2010 December 11

සිනහවක්…….

මං බලා සිටියෙ අද
වැසුණු දොර කවුළු දෙස
ඔබේ නෙත් කැලුම් පොඩි
දිලිසෙනව දැක ගන්න

කන් යොමා සිටියෙ මම
පිය ගැටෙන හඩට බිම
නුබේ පිය නැගෙන හඩ
නො ඇසෙයිද සිත බියෙන

සිත පුරා දැනුනේ මට
තනිකමක් හද දවන
පිපෙන තුරු හිමිදිරියේ
මගේ සුවදැති පියුම

බැහැ සිතට ඉවසන්න
තව වෙලා කල් ගන්න
ඔබේ මුහුණේ හට ගන්න
සිනහවක් දැක ගන්න………………………………………………………..

ප.ලි.: පින්තුරේ ගත්ත තැන නම් මතක නැ…

Posted by: magelokaya | 2010 August 1

නොලියාම බැරි නිසා…..

හමා එන මුදු සුලඟ
දැවටෙද්දි සියොලගම
දග කරන කෙහෙ ‍රැල්ල
ඇලෙයි නළලේ කොනක……

පත් ඉරක පි‍ටු අතර
සැරි සරන නෙත් යුවල
විටින් විට නතර වෙයි
ඔරලොසු ක‍ටු අතර….

විඩාබර දෙපා දෙස
බලා සොම්නස් සිතින
දහසකුත් එක් වර ද
පිය මනී පෙර මගට….

දුර ඇත ඔහු දකින
දියණියගේ චායාව
නිවාලයි එතුවක්ම
හද දැවුනු සිතිවිල්ල…..

එදා මගෙ උකුල මත
නැලවුණේ පුංචි දුව
සොදුරු ඒ මතක ඉම
වෙත දුවයි ඔහුගෙ සිත……

දියණියව සිඹ සනහා
ආදරෙන් සිප ගන්න
හිත නැගෙන ආසාව
ගුලිගැහුනු හදවතින
ඔහු නැගෙයි යලි රියට……

ප.ලි. :
අද අසනීපයෙන් සිටින මාගේ නැගණිය පන්තියට ගෙන ගොස් නැවත එන තුරු කොල්ලුපිටිය මුදු වෙරල ලඟ නතරව සිටින මගේ තාත්තා නිමිත්ත කරගෙන, තම දියණියන් එනතුරු මග බලා සිටින සුවහසක් පියවරුන් වෙනුවෙන් තැබෙන සටහනකි……..

Posted by: magelokaya | 2010 January 25

දෑසමන්……..

පුරා තුන් යම
සැඟව සිටි නුඹ
සොයා දස දිග
නොම දිටිමි මම…..

ලහිරු කිරණක්
වැදී සියොලඟ
විදා හැර පෙති
පිබිදුණා ඔබ…..

බලා ලොව දෙස
සිහින් නෙතඟින
ලවන් හැඩ කර
හිනැහුණා නුඹ….

ඔබේ පෙති අග
සුවඳ විඳ විඳ
නුඹේ හද විල
ලැගුම් ගන්නට

අවසරද….. දෑසමන් මල මට?

ප.ලි. : තුන් වන පාර්ශවයක් විසින් පළමු පාර්ශවය වෙනුවෙන් තබන සටහනක් වග කරුණාවෙන් සලකන්න…

Posted by: magelokaya | 2009 October 19

වරද………………. කුමක්ද?

Mistake_by_frixin

කලෙක සැරිසැරිමි මම
මංමුලා වුවෙකු ලෙස
සිතා ගන්නට බැරිව
වරද කවරක්ද වග…………….

දින සති ගෙවී ගොස්
මුහුකුරා යනෙන විට
ලොවින් බැහැරව සිතුම
වරද ලෙස දුටිමි මම…………..

පියාපත් සිඳි ගොස්
තනිය රජයන කලට
වරද සෙවු අතිතය
වරදක්ද සිතුනි මට………….

කිරිල්ලිය ත‍ටු අතර
තුඩඟ සඟවා ගයන
මිහිරි ගී ඇසුණු කල
මම මගෙන් විමසීමි…………..

වරද………………… කුමක්ද යන වග!

Posted by: magelokaya | 2009 October 11

කවදා වෙනකං ද…….?

රතු පාට, කහ පාට ආදී නා නා විධ මලින් ගැවසී ගත් සුන්දර උයනකට ඇතුලු වු කලෙක මෙන් ඔහු සිත කුල්මත් වන්නට විය. ප්‍රමෝදමත් සිතින් යුතු වු ඔහු ඔහෙ පාවි යන්නාක් මෙන් සැරි සරන්නට වුයේ හදිසියෙ නිල් පැහැ මලක් දු‍ටුවේ, මනස කැලඹී ගිය කලෙක මෙන් වට පිට බලන්නට විය. ආයාසයෙන් යලි සිහි එලවාගත් හෙතෙම මලක රොන් උරා බොමින් සිට ඉන් පැන නැඟි ඉගිල යන්නට වු සමනල ‍රැනක් දැක ඒ පසු පස හඹා යන්නට සිතීය. සමනල රෑන යන දෙසට දිව ගිය හෙතෙම හදිසියේ ප්‍රාදූර්භූත වූවාක් සේ පහල වූ වලකුල් පඩි පෙලක් අභිමුව නතර විය. දෙවරක් සිතන්නට පමා නොවු හෙතෙම වහ වහා පඩි මත දිව යන්නට විය….

මොහොතකින් අහස ගුගුරන්නට විය….දස අත අඳුර විසිරී පැතිරී ගියේය.. මහ වැස්සක පෙර නිමිති පහල විය….හදිසියේ මහ හඩක් නගමින් පුපුරා ගිය අකුණක ආලෝකයෙන් ඔහුගෙ නෙත් නිලංකාර වී ගියේය. තව දුරටත් ඉහල ‍රැදී සිටිමෙහි අසමත් වූ ඔහු බිම ඇද වැටෙන්නට විය….

යන්තම් සිහි එලවාගෙන බලන කල හෙතෙම කාමරයක බිම වැතිරි සිටින වග ඔහු හට පසක් විය. තම දෑත් මතට මහත් වෙර දී කය ඔසවා ගත් හෙතෙම අපහසුවෙන් මෙන් වට පිට බලන්නට විය.හදිසියෙ මහ වැස්සක් තම දෑත් මතට කඩා හැලෙන වග ඔහුට දැනුනි… අවට සිටියවුන් ‘මෙන්න මූ………………………..’ යයි මොර දෙමින් ඈත් මෑත් වන අයුරු ඔහුට පෙනුනි. වැහැරි ගිය සිතින් හ කයින් යුතු වු හෙතෙම වැසි වැටි තෙත්ව ගිය බිම මතටම කඩා හැලුනි.

n524065122_1619028_2378

‘දැන්වත් නැගිටපන්……………………’ හුරු පුරුදු කට හඩක් ඇසීමෙන් හෙතෙම අවදි වුයේ තමා සිටින්නෙ කොහේදැයි සොයන්නාක් මෙන් වටපිට බලන්නට විය. අගක් මුලක් ගලපා ගත නොහැකි වූ කල හෙතෙම අසල සිටියකුගෙන් විමසීමක් කලේ සිය සගයන්ගේ සිනා හඩ මධ්‍යයේ දුර්මුඛ විය…… මද වේලාවක් කල්පනාවේ නිමග්නව සිටි හෙතෙම නිහඩතාව බිද දමමින් පිරිස ඇමතීය.

‘මං බොන එක නවත්තනවා……..’

පිරිස තැතිගැන්මට පත්ව බල සිටියහ. ඔහු තුල දැඩි අදිෂ්ඨානයක සේයාව පලවිය. පිරිසෙන් එකකු නිහඩතාව බිදිමින් පැනයක් නැගීය….. ‘කවදා වෙන කං ද…..’

ඔහු සතුව පිලිතුරක් නොතිබුණි….හෙතෙම මොහොතක් නිහඬව සිට යමක් තෙපලු වග පෙනී ගියේය….. ළග සිටි දෙතුන් දෙනෙකුට ඔහු කී දේ ඇසී තිබුණි…..

‘ආයෙ බොන කං……………..”

Posted by: magelokaya | 2009 August 15

නම් ගම් මනංකල්පිතයි……

හුදී ජනයා අදත් සුපුරුදු පරිදි විල අවට ‍රැස්ව සිටියෝය. වෙනසකට තිබුනේ මල් පිපෙන සමය යලි එලඹී තිබීම පමණකි. එහෙයින්ම කුහුල බරවූ සිතින් යුත් හුදී ජනයා පිපෙන්නට ආ පොහොට්‍ටු දෙස වඩ වඩාත් ඕනෑ කමින් නෙත් සිත් යොමා සිටියහ. විලේ පිපී තවමත් තිබෙන කණා‍ටු මල් අතර සුවඳ මලක් සොයන හුදී ජනයා විල අවට සුලභ දසුනක් විය. මල් පොහොට්‍ටු හය හතක් දෙස බලාත් සැනසීමට පත් නොවු ජනයා විලෙන් මදක් මෑත් ව ‍රැදි සිටිමින් මග හැරුනු මලක් වේදෝහොයි සොයන්නට මෙන් වන්හ.
මීට කලකට පෙර විලේ ඉතා අනර්ඝ වු පුෂ්පයක් වූ බව මට මතකය. සාමාන්‍යයෙන් පිපෙන මලක් තම ආයු කාලය අවසානයේ පරව යැම විලේ ස්වභාවය වුවද යටකී මල එසේ නොවුවාය. ඒ පුෂ්පය වඩා වැඩි කාලයක් විලේම පිපි ඩිලෙන්නට වුවාය. කුමන හේතුවකට ඕ විලේ නතර වුවද කලාතුරකින් පූදින එවන් පුෂ්පයක් පර නොවී විලේ ඉතිරිව තිබීම හුදී ජන පහන් සංවේගය පිණිස නම් නො අඩුව හේතු වූ බව නොවලහා පැවසිය හැක. නමුත් හටගත් දැයෙක පැවැත්මට කෙලවරක් ද ඇති හෙයින් ඒ මලද කලකට පසු පරව ගියේ විල තුල නොපිරවිය හැකි හිස්තැනක් ඉතිරි කරමිනි.
මේ එලඹුනා වු වසන්ත සමය විල අවට සිටින හුදි ජනයා වෙත ගෙන අවේ එම හිස්තැන පිරීම පිලිඹද පැතුමයි. සැහෙන වෙලා විල ඩෙස බලා සිටද තම පැතුම ඉ‍ටු නොවුයෙන් හුදි ජනයා බලපොරොත්තු අතැර ගත්තෙ වික්ෂිප්ත මනසින් විල ඔබ්බෙහිම ‍රැදි සිටියහ.
ආශ්චර්යයක් දු‍ටු කලෙක මෙන් හදිසියේම අයෙක් ප්‍රබොධමත් හඩක් නැගීය. ඔබ මොබ බැලූ හුදි ජනයා නොසන්සුන් වන්නට වුහ. පියඹා යන කුරුල්ලකු අහසින් ගෙනවිත් විලට අතහැර දැමු කලෙක මෙන් හදිසියේම මල් පොහොට්‍ටුවක් පැන නැංගේ, හුදි ජනයා තුල අපේක්ෂා මල් යලිත් විකසිත විය. කෙමෙන් කෙමෙන් ඩියෙන් මතු පිටට පැන නැන්ග වූ මල් පොහොට්‍ටුව සිය න‍ටුව මත නැලවි නැලවි ලතාවකට පැද්දෙන්නට විය. මෙය කිනම් වර්ගයට අයත් දෝහෝයි හුදි ජනයා විපරම් කරන්නට වුහ. නමුත් දැන ගත හැකි වුයේ එය හදුනා නොගත් නෑඹුල් මල් පොහොට්‍ටුවක් වගය.
මද අවකාශයකින් ඒ මල තම වර්ගය පිලිඹද ඉගි පලකරන්නට  වුයේ එය උපුල් මලක් වග සනාථ විය. මල සිය පෙති විහිදා සැලෙන්නට පෙරම සිය සුවඳ දසත  විහිදුවා ලන්නට විය. නොතැලුණු උපුලක් ලෙස විකසිතව දිලෙන්න සියලු මග හෙලි පෙහෙලිව තිබුණි.
සැ.යු. : මෙහි එන සියලු නම් ගම්, වත ගොත සියල්ල මනංකල්පිතයි. එය කිසිවකු හා සබැඳේ නම් ඔවුන් මා කෙරෙහි අනුකම්පා කරත්වා…..

Posted by: magelokaya | 2009 July 25

නොනිමි සැරිසර

නිදා සිටි වන සතකු සතුරු සේයාවක් දැක අවදි වු කලෙක මෙන් ඔහු සිත කැලඹී නොසන්සුන්ව ගියේය. මෙතෙක් වෙලා ලොව වසා සිටි අදුරු කඩතිර ඉවත් වී වට පිටාව  හෙලි පෙහෙලි වන්නට විය. මද පමාවකින් අතරින් පතර ‍රැදිගිය අදුරු කඩතිරද නික්ම ගොස් ස්වභාව ධර්මයාගේ වර්ණය ලොව පුර දිස්වන්නට විය.
කුරුලු කූඩුවක කිරිල්ලක තම සහවාසියාට හඩ ගසන්නා වැනි හඩක් අතරින් පතර ඇසෙන්නට වන. ඔහු ඒ හඩ ඇසෙනා දෙසට සිය අවදානය යොමු කරවා ගෙන  මොහොතක් එහිම රස විදිමින් සිටියේ, අවසන දිගු හුස්මක් හෙලමින් යලිත් සැරි  සරන්නාට විය. කුරුලු නද ඇසුනු ප්‍රදේශය සිසරා ගිය ඔහු ඒ සැම තැනකම සැගවී ගත් රස උරා ගන්නට  වුයේ අවසන ඔහු තව රස සොයා වෙනත් ප්‍රදේශ ගවේශණයට ඉට ගෙන මදක්  ඇතින් දිස් වු කදු යාය වෙත යන්නට විය. යන මග පුරාවට සිරි විදිමින් ගමන ගිය ඔහු එම කදු යායද පීරා බලන්නට විය. කදු යාය පිරිමින් ඔහු සැහෙන වේලවක් ගත කලේ, අවසන වෙකෙසකර සුසුමක් හෙලමින් එයින් නික්ම යන්නට විය.
නමුදු ඉදිරියේදි හමුවිය හැකි සුන්දර අත්දැකිම් පිලිබද සොදුරු සිහින ඔහු යලිත් ගමනට පොලඹවා ලන්නට විය. සුන්දර මල් පොහොට්‍ටුවකින් යුතු පදුරක් ඈතින් ඩු‍ටු ඔහු සිත ඒ නරඹන්නට නොඉවසිලිමත් විය. හෙතෙම වහ වහ ඒ මල් පඳුර වෙත පිය නගන්නට විය. ඒ වෙත ලං වූ කල ඔහු සිත ඇදී යන්නට වූ සිතිවිලි ඔහු කුල්මත් කලේ, විදිලියක් සේ සිරුර සිසරා ගිය හැගීමක්, ඊලඟ මොහොතේ පිපෙන්නට වෙර දරන මල තමා සතු කර ගැනීමේ ආශාවන් ඔහු තුල ඇති කරවන්නට සමත් විය. ඒ ආශාව පාලනයෙහි අසමත් වූ ඔහු මල් පොහොට්‍ටුව සිප ගන්නා අටියෙන් ඒ වෙත නැඹුරු වන්නට විය. ඉන් පැන නැංගා වූ මන මෝහනීය සුවඳ ඔහු සිත වේගවත් කරවන්නට සමත් විය.සිය නැහැය මෑත් කරගත් හෙතෙම සිය ඇඟිලි තුඩු වලින් මල් පොහොට්‍ටුව පිරිමදින්නට විය. පිපෙන්නට ඔන්න මෙන්න වු මල ඒ ස්පර්ශය විසින් ඉක්මන් කරනු ලැබූ කලෙක මෙන් වහ වහ පිපි එන්නට විය. ඒ මොහොතේ පඳුරද තම මල පිපෙන සතුටට මෙන් සියලු අතු ඉතිද සලා ගැහෙන්නට මෙන් විය.
මල විකසිත වී ගියේ, මිනිසාද වැඩී ගිය අශාවෙන් මල් පෙති පිරිමදින්නට විය. මල් පඳුරද මලට වන වේදනාවක් සේ සලකා ඇඹරෙන්නට මෙන් විය. මිනිසා පිපි ගත් මල එසැනෙහි තලා දමන්නට විය.
මහොතකින් මල තැලි පොඩි වී, පෙති කැඩී ගියේ එහි සුන්දරත්වයද අතුරුදන්ව ගියේය. මෙතෙක් වෙලා සිරි නරඹමින් සිටි හෙතෙම තව දුරටත් ඈතට යන්නට විය. කඳු යායට ඔබ්බෙන් කිරිල්ලියකගෙ කෙදිරිල්ලක් දිගින් දිගටම ඇසෙන්නට විය.

Posted by: magelokaya | 2009 July 21

නැව සහ පළතුරු බීම

නැව සහ පළතුරු බීම
කවුරුවත් තරහක් ගන්න එපා මේ සටහනේ නම දැක්කම. ටිකක් නෙමෙයි සෑහෙන්න කචල්. ඒ වුනට මේක හොඳ කාලෝචිත දෙයක් වෙයි කියලා හිතෙනවා. මේකෙ තියෙන දෙයක් නිසා කාගේ හරි හිතා රිදුනොත් (දැනුනොත්) සමා අවසර. එහෙනම් මේකයි කතාව.
අද 20 වෙනිදා අපූරු දවසක් තමා උදා වුනේ. හැබැයි දවල් වෙනකොට අපූරුව නැති වෙලා ගියාද මන්දා… අද ඉතින් අපේ සරසවියට අලුත් සිසු පිරිසක් ආවා. ඔන්න දැන් මාතෘකාවේ කචල් එක සීයට පනහක් හරි. (කැම්පස් එකට එන අලුත් batch එකට තමා නැව කියන්නේ.) ඉතින් අපේ කට්ටියට අද හරි ගැස්ම. ඉංග්‍රීසියෙන් kick එක කියන එකට මට කටට ආපු වචනේ තමා ගැස්ම.  මටත් අපේ 2 වන වසර ගත කල කාලය ගැන මතක් වුනා. අපිත් දවස් ගානක් නිදි මරා ගෙන තමා ඒ කාලේ වැඩේට ලැස්ති වුනේ. පස්සේ කාලෙක නම් හිතුනා කොරලා කොරලා ආපු එකා යකා වුනාද කියලත්. මගේ මල්ලිලා නංගිලා මාත් එක්ක වයිර බදින එකක් නෑ මෙහෙම කිවුවට…
පස්සෙ පස්සෙ අපිට ඒ ගැන තිබුණු උනන්දුවත් අඩු වෙලා ගිහින්. දැන් ඉතින් අපි ලොකුයිලුනේ… කොහොම කොහොම හරි අදත් ඔය වැඩේම කරන්න අපිට අවුරුදු 2ක් ලාබාල මල්ලිල නංගිලා බලාගෙන හිටියා. නමුත් මොකක් හෝ අරවුලක් නිසාවෙන් වෙන්න ඇති (එහෙමයි ආරංචි..) මේ වැඩේ අචාර්ය මණ්ඩලයට භාර දීලා. ඉතින් පුංචි උන්ට සැරටම හිත් රිදිලා වෙන්න ඇති ඒ දුක ටිකක් සද්දෙන් පිට කරලා. ඔන්න ඔයිට මොහොතකට පස්සේ තමා මම කැම්පස් එකට ආවේ. එන කොට බඩු ඉවරයි. කොහොම කොහොම හරි අපිත් අපේ පරණ යාලුවෝ කීප දෙනෙක් එක්ක කතාවට වැ‍ටුනා. නිකන් යාලුවො නෙමෙයි ඔය කන්නද, බොන්නද, ගහගන්නද මොන මගුලටත් ඉන්න උදවිය තමා.
ඉතින් අද සිද්ධිය ගැන කතා කරද්දි කියවුනා අපිත් ඔතන හිටියා නම් මොනව කරාවිද කියලා…එතකොටම එකෙක් කියාපි අර පළතුරු බීම බොතලේ නිසා මට නම් ඔවා එපා වෙලා ගියා කියලා.
කවුද කිවුවෙ කියල ඉතින් දන්නො දනිති. මම තව මුකුත් ඒ ගැන නොකිය නවතින්නම්.
මේ ගැන නොඩහ්න්න කෙනෙකුට නම් මෙලෝ රහක් නැතුව ඇති. සමා වෙන්න කාලය නස්ති වුනා නම්..
එහෙනම් ජය වේවා!

කවුරුවත් තරහක් ගන්න එපා මේ සටහනේ නම දැක්කම. ටිකක් නෙමෙයි සෑහෙන්න කචල්. ඒ වුනට මේක හොඳ කාලෝචිත දෙයක් වෙයි කියලා හිතෙනවා. මේකෙ තියෙන දෙයක් නිසා කාගේ හරි හිතා රිදුනොත් (දැනුනොත්) සමා අවසර. එහෙනම් මේකයි කතාව.

අද 20 වෙනිදා අපූරු දවසක් තමා උදා වුනේ. හැබැයි දවල් වෙනකොට අපූරුව නැති වෙලා ගියාද මන්දා… අද ඉතින් අපේ සරසවියට අලුත් සිසු පිරිසක් ආවා. ඔන්න දැන් මාතෘකාවේ කචල් එක සීයට පනහක් හරි. (කැම්පස් එකට එන අලුත් batch එකට තමා නැව කියන්නේ.) ඉතින් අපේ කට්ටියට අද හරි ගැස්ම. ඉංග්‍රීසියෙන් kick එක කියන එකට මට කටට ආපු වචනේ තමා ගැස්ම.  මටත් අපේ 2 වන වසර ගත කල කාලය ගැන මතක් වුනා. අපිත් දවස් ගානක් නිදි මරා ගෙන තමා ඒ කාලේ වැඩේට ලැස්ති වුනේ. පස්සේ කාලෙක නම් හිතුනා කොරලා කොරලා ආපු එකා යකා වුනාද කියලත්. මගේ මල්ලිලා නංගිලා මාත් එක්ක වයිර බදින එකක් නෑ මෙහෙම කිවුවට…

පස්සෙ පස්සෙ අපිට ඒ ගැන තිබුණු උනන්දුවත් අඩු වෙලා ගිහින්. දැන් ඉතින් අපි ලොකුයිලුනේ… කොහොම කොහොම හරි අදත් ඔය වැඩේම කරන්න අපිට අවුරුදු 2ක් ලාබාල මල්ලිල නංගිලා බලාගෙන හිටියා. නමුත් මොකක් හෝ ආරවුලක් නිසාවෙන් වෙන්න ඇති (එහෙමයි ආරංචි..) මේ වැඩේ ආචාර්ය මණ්ඩලයට භාර දීලා. ඉතින් පුංචි උන්ට සැරටම හිත් රිදිලා වෙන්න ඇති ඒ දුක ටිකක් සද්දෙන් පිට කරලා. ඔන්න ඔයිට මොහොතකට පස්සේ තමා මම කැම්පස් එකට ආවේ. එන කොට බඩු ඉවරයි. කොහොම කොහොම හරි අපිත් අපේ පරණ යාලුවෝ කීප දෙනෙක් එක්ක කතාවට වැ‍ටුනා. නිකන් යාලුවො නෙමෙයි ඔය කන්නද, බොන්නද, ගහගන්නද මොන මගුලටත් ඉන්න උදවිය තමා.

ඉතින් අද සිද්ධිය ගැන කතා කරද්දි කියවුනා අපිත් ඔතන හිටියා නම් මොනව කරාවිද කියලා…එතකොටම එකෙක් කියාපි අර පළතුරු බීම බොතලේ නිසා මට නම් ඔවා එපා වෙලා ගියා කියලා.

කවුද කිවුවෙ කියල ඉතින් දන්නො දනිති. මම තව මුකුත් ඒ ගැන නොකිය නවතින්නම්.

මේ ගැන නොදන්න කෙනෙකුට නම් මෙලෝ රහක් නැතුව ඇති.

සමා වෙන්න කාලය නාස්ති වුනා නම්..

එහෙනම් ජය වේවා!

Posted by: magelokaya | 2009 July 20

දැනීම සහ රිදීම

අපූරු කතාවක් තියෙනවා කියන්න…. මට මේ බ්ලොග් ලිවිල්ල පටන් ගන්න අසන්නම හේතුව වුනෙත් මේ කතන්දරයමයි.

අද මට සිද්ධ වුනා කළුබෝවිල ඉස්පිරිතාලෙට යන්න පොඩි කාරණාවකට.  පහුගිය ටිකේම මට වධ දීපු මගේ යටි ඇන්දේ හක්ක කෙලවරේම දත ගලව ගන්න…මම පොඩි වදයක් නෙමෙයි වින්දෙ පහුගිය ටිකෙ මේ දතක් හින්දා…වෙනදට පොඩි බඩගින්නට සීනී අහුරක් කටේ දාගන්න මම නතර වුනේ අලුත් දත් බුරුසුවක් අරන් රෑටත් දත් මදින්න පටන් අරගෙන. මතක ඇති කාලෙක රෑට දත් මැද්දමයි ඔය.

දැන්  කතාව ඔක නෙවෙයි. අද උදේ 8 වෙද්දි එන්න කියල වෙලාව දීලා තිබුනත් ඉතින් වැඩේ පටන් ගන්න කොට 10ට කිට්‍ටුයි. ආණ්ඩුවෙ ඉස්පිරිතලෙක ඉතින් එක එච්චර ලොකු ප්‍රමාදයකුත් නෙවෙයි. පොඩි සෙනගක් කියලද? මට දහ සැරයක් විතර වැඩේ අත ඇරලා එන්න හිතුනා. දත මගේ නූනානම් මම කොහොම හරි එනවා. ඒ වුනාට මේ මගුල් දත මගේනෙ.

කොහොම හරි අන්තිමට මම ඇතුලට ගිහින් අර ඇද වගේ පු‍ටුවේ වාඩි වුනා(බුදිය ගත්තා). දොස්තර මට කියල ලියුමක් ලියව ගත්තා වැඩේ බරපතල කම දැනගෙන ඒ සදහා කැමැත්ත දෙනවා කියලා. ඊට පස්සෙ මගේ කටට හිරි වැටෙන්න injection එක ගහලා විනඩි කීපයක් හිටියා. ඊට පස්සෙ දොස්තර මොකක්ද මගුලක් අරගෙන දත තද කලා. දතද නැත්නම් දත මුලද කියලා හරියට දැනුනෙ නෑ. මට ටිකක් රිදිලා මම කිවුවා “ඒක නම් රිදුනා. හිරිවැටිලා නැද්ද දන්නෙ නෑ” කියලා. එතකොට දොස්තර කියපි නැ ඔයාට දැනෙනවා විතරයි රිදෙන්නේ නෑ කියලා. “මූ මාව පැය 2ක් එලියෙ හිටොල තියල තව මගුල් කතා කරනවා. රිදෙන්නෙ තොටද? මටද? ” ඒ ටික හිතේම ගුලි කර ගෙන මම ඉවසගෙන හිටියා. මෙන්න තව මොකක්ද මගුලක් කටට දාලා ආයි දතට අනින්න ගත්තා. ටිකකින් මට ගලවපු දත පෙන්නල කියනවා “ඔන්න දත.. වෙලාවට කැඩුනෙ නැ” කියල. මම උඩ ගිහින් බිම වැ‍ටුනෙ එක කිවුවම. අර අඟල් බාගයක් විතර යටට තියෙන දත ගලවද්දි මම හිතුවෙ මාසයක් විතර අදින්න වෙයි කියල. තත්පර ගනේ වැඩේ. එහෙමකට රිදුනෙත්  නැ. එකට කියන්න වෙන්නෙ දැනුනා කියල තමයි. මම ගෙදර එනකල්ම කල්පනා කලේ දොස්තර කියපු කතාව  ගැන. “ඔයාට රිදෙන්නේ නෑ දැනෙනවා විතරයි…”

බලගෙන ගියහම ඒ කතාවෙ ලොකු තේරුමක් තියෙනවා. අපි හුගක් දෙවල් වලදි රිදීම ගැන හිතනවා. මිනිස්සු ආශ්‍රයේදි වෙන්න පුලුවන්, ලෙඩකදි දුකකදි වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් වෙන ඕනෙම තැනක වෙන්න පුලුවන්. නමුත් අපි නොහිතන කාරණේ තමයි ඒක අපිට දැනෙන දෙයක් විතරක්ම වෙන්න පුලුවන් බව.  රිදෙනවා කියල හිතපු දැනීම නිසා අපි කොච්චර මිනිස්සු ගැන වැරදියට තේරුම්  ගන්න ඇත්ද? කොච්චර රසවත් අත්දැකිම් දුකයි කියලා බැහැර කරන්න ඇත්ද? අපේ කොච්චර වටිනාකම් අඩු වෙන්න ඇත්ද? අනික් අතට  අපි කොච්චර රිදීම් සැපයි කියලා හිතාගෙන ඉන්නවද?

අපි කවුරුත් අංග සම්පූර්ණ අය නොවෙන්න පුලුවන්. නමුත් මේ කියන දේ ගැන ඩිංගක් හිතල බලන්න වටිනවා.

ඔබට ජය වේවා.

. මම උඩ ගිහින් වැ‍ටුනෙ එක කිවුවම. අර අඟල් බාගයක් විතර යටට තියෙන දත ගලවද්දි මම හිතුවෙ මාසයක් විතර අදින්න වෙයි කියල. තත්පර ගනේ වැඩේ. එහෙමකට රිදුනෙත්  නැ. එකට කියන්න වෙන්නෙ දැනුනා කියල තමයි. මම ගෙදර එනකල්ම කල්පනා කලේ දොස්තර කියපු කතාව  ගැන. “ඔයාට රිදෙන්නේ නෑ දැනෙනවා විතරයි…”
බලගෙන ගියහම ඒ කතාවෙ ලොකු තේරුමක් තියෙනවා. අපි හුගක් දෙවල් වලදි රිදීම ගැන හිතනවා. මිනිස්සු ආශ්‍රයේදි වෙන්න පුලුවන්, ලෙඩකදි දුකකදි වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් වෙන ඕනෙම තැනක වෙන්න පුලුවන්. නමුත් අපි නොහිතන කාරණේ තමයි ඒක අපිට දැනෙන දෙයක් විතරක්ම වෙන්න පුලුවන් බව.  රිදෙනවා කියල හිතපු දැනීම නිසා අපි කොච්චර මිනිස්සු ගැන වැරදියට තේරුම්  ගන්න ඇත්ද? කොච්චර රසවත් අත්දැකිම් දුකයි කියලා බැහැර කරන්න ඇත්ද? අපේ කොච්චර වටිනාකම් අඩු වෙන්න ඇත්ද? අනික් අතට  අපි කොච්චර රිදීම් සැපයි කියලා හිතාගෙන ඉන්නවද?
අපි කවුරුත් අංග සම්පූර්ණ අය නොවෙන්න පුලුවන්. නමුත් මේ කියන දේ ගැන ඩිංගක් හිතල බලන්න වටිනවා.
ඔබට ජය වේවා.

ප. ලි. : මට ඇහුණු හැටියට ඒ දොස්තර මහත්මයාගේ නම ‘මුරගේ’. මගේ දත ගලවලා මට ලබා දුන් සහනයටත්, අද මගේ ජීවිතයට එක් කල අපුරු පාඩමටත් ඔබට බොහෝම පිං…..

Posted by: magelokaya | 2009 July 20

මගේ ලෝකය කොයි වගේ ද?

කාලයක් තිස්සේ හිත හිතා හිටිය කාරණයක් ගොඩ දා ගන්න වෙලාවක් ලැබුනා. මගේ ලෝකය, මට දැනෙන හැටියට ඔබට කියන්න තමයි මගේ වැයම. කොහොම වුනත් මම සිතන මගේ ලෝකය ඔබට නොගැලපෙන්න පුලුවනි. ඔබට මම බොහොම සුහදව අරාධනා කරනවා ඔබේ මතවාදය ඉදිරිපත් කරලා මගේ මේ උත්සාහය පෝෂණය කරන්න කියලා….

මගේ ලෝකය කියන නම ගැන ටිකක් කත කරන්න ඔනේ කියල හිතෙනවා. මීට අවුරුදු විස්සකට විතර කලින් ලියවුනු පොතක් මගේ ජීවිතේට ලොකු වෙනසක් එක්කාසු කලා.මේ සටහන් වල අරමුණ ඒ පොත ගැන කීම නොවුනත් ඒ වුනු වෙනස ගැන යමක් මෙහි ලියැවේවි…

බටහිර සංගීත ලෝකයේ සුන්දරම ප්‍රසංගයක් අසමින් එක් කරන මගෙ පලමු සටහන මෙසේ නිම වෙනවා….කොහොම වුනත් අවුරුදු විසි ගාණක් පුරාවට කරපු කියපු දේවල්, අහපු දැකපු දේවල් ගැන මට දැනෙන දේ දිගටම ඔබට කියන්න මම බලපොරොත්තු වෙනවා.

එහෙනන් ඔබ සියලු දෙනාටම සියලු හොඳ පැතුම් ඉ‍ටු වන අනාගතයක්……

ආයිත් හම්බ වෙමු…

Categories