Posted by: magelokaya | 2009 July 21

නැව සහ පළතුරු බීම

නැව සහ පළතුරු බීම
කවුරුවත් තරහක් ගන්න එපා මේ සටහනේ නම දැක්කම. ටිකක් නෙමෙයි සෑහෙන්න කචල්. ඒ වුනට මේක හොඳ කාලෝචිත දෙයක් වෙයි කියලා හිතෙනවා. මේකෙ තියෙන දෙයක් නිසා කාගේ හරි හිතා රිදුනොත් (දැනුනොත්) සමා අවසර. එහෙනම් මේකයි කතාව.
අද 20 වෙනිදා අපූරු දවසක් තමා උදා වුනේ. හැබැයි දවල් වෙනකොට අපූරුව නැති වෙලා ගියාද මන්දා… අද ඉතින් අපේ සරසවියට අලුත් සිසු පිරිසක් ආවා. ඔන්න දැන් මාතෘකාවේ කචල් එක සීයට පනහක් හරි. (කැම්පස් එකට එන අලුත් batch එකට තමා නැව කියන්නේ.) ඉතින් අපේ කට්ටියට අද හරි ගැස්ම. ඉංග්‍රීසියෙන් kick එක කියන එකට මට කටට ආපු වචනේ තමා ගැස්ම.  මටත් අපේ 2 වන වසර ගත කල කාලය ගැන මතක් වුනා. අපිත් දවස් ගානක් නිදි මරා ගෙන තමා ඒ කාලේ වැඩේට ලැස්ති වුනේ. පස්සේ කාලෙක නම් හිතුනා කොරලා කොරලා ආපු එකා යකා වුනාද කියලත්. මගේ මල්ලිලා නංගිලා මාත් එක්ක වයිර බදින එකක් නෑ මෙහෙම කිවුවට…
පස්සෙ පස්සෙ අපිට ඒ ගැන තිබුණු උනන්දුවත් අඩු වෙලා ගිහින්. දැන් ඉතින් අපි ලොකුයිලුනේ… කොහොම කොහොම හරි අදත් ඔය වැඩේම කරන්න අපිට අවුරුදු 2ක් ලාබාල මල්ලිල නංගිලා බලාගෙන හිටියා. නමුත් මොකක් හෝ අරවුලක් නිසාවෙන් වෙන්න ඇති (එහෙමයි ආරංචි..) මේ වැඩේ අචාර්ය මණ්ඩලයට භාර දීලා. ඉතින් පුංචි උන්ට සැරටම හිත් රිදිලා වෙන්න ඇති ඒ දුක ටිකක් සද්දෙන් පිට කරලා. ඔන්න ඔයිට මොහොතකට පස්සේ තමා මම කැම්පස් එකට ආවේ. එන කොට බඩු ඉවරයි. කොහොම කොහොම හරි අපිත් අපේ පරණ යාලුවෝ කීප දෙනෙක් එක්ක කතාවට වැ‍ටුනා. නිකන් යාලුවො නෙමෙයි ඔය කන්නද, බොන්නද, ගහගන්නද මොන මගුලටත් ඉන්න උදවිය තමා.
ඉතින් අද සිද්ධිය ගැන කතා කරද්දි කියවුනා අපිත් ඔතන හිටියා නම් මොනව කරාවිද කියලා…එතකොටම එකෙක් කියාපි අර පළතුරු බීම බොතලේ නිසා මට නම් ඔවා එපා වෙලා ගියා කියලා.
කවුද කිවුවෙ කියල ඉතින් දන්නො දනිති. මම තව මුකුත් ඒ ගැන නොකිය නවතින්නම්.
මේ ගැන නොඩහ්න්න කෙනෙකුට නම් මෙලෝ රහක් නැතුව ඇති. සමා වෙන්න කාලය නස්ති වුනා නම්..
එහෙනම් ජය වේවා!

කවුරුවත් තරහක් ගන්න එපා මේ සටහනේ නම දැක්කම. ටිකක් නෙමෙයි සෑහෙන්න කචල්. ඒ වුනට මේක හොඳ කාලෝචිත දෙයක් වෙයි කියලා හිතෙනවා. මේකෙ තියෙන දෙයක් නිසා කාගේ හරි හිතා රිදුනොත් (දැනුනොත්) සමා අවසර. එහෙනම් මේකයි කතාව.

අද 20 වෙනිදා අපූරු දවසක් තමා උදා වුනේ. හැබැයි දවල් වෙනකොට අපූරුව නැති වෙලා ගියාද මන්දා… අද ඉතින් අපේ සරසවියට අලුත් සිසු පිරිසක් ආවා. ඔන්න දැන් මාතෘකාවේ කචල් එක සීයට පනහක් හරි. (කැම්පස් එකට එන අලුත් batch එකට තමා නැව කියන්නේ.) ඉතින් අපේ කට්ටියට අද හරි ගැස්ම. ඉංග්‍රීසියෙන් kick එක කියන එකට මට කටට ආපු වචනේ තමා ගැස්ම.  මටත් අපේ 2 වන වසර ගත කල කාලය ගැන මතක් වුනා. අපිත් දවස් ගානක් නිදි මරා ගෙන තමා ඒ කාලේ වැඩේට ලැස්ති වුනේ. පස්සේ කාලෙක නම් හිතුනා කොරලා කොරලා ආපු එකා යකා වුනාද කියලත්. මගේ මල්ලිලා නංගිලා මාත් එක්ක වයිර බදින එකක් නෑ මෙහෙම කිවුවට…

පස්සෙ පස්සෙ අපිට ඒ ගැන තිබුණු උනන්දුවත් අඩු වෙලා ගිහින්. දැන් ඉතින් අපි ලොකුයිලුනේ… කොහොම කොහොම හරි අදත් ඔය වැඩේම කරන්න අපිට අවුරුදු 2ක් ලාබාල මල්ලිල නංගිලා බලාගෙන හිටියා. නමුත් මොකක් හෝ ආරවුලක් නිසාවෙන් වෙන්න ඇති (එහෙමයි ආරංචි..) මේ වැඩේ ආචාර්ය මණ්ඩලයට භාර දීලා. ඉතින් පුංචි උන්ට සැරටම හිත් රිදිලා වෙන්න ඇති ඒ දුක ටිකක් සද්දෙන් පිට කරලා. ඔන්න ඔයිට මොහොතකට පස්සේ තමා මම කැම්පස් එකට ආවේ. එන කොට බඩු ඉවරයි. කොහොම කොහොම හරි අපිත් අපේ පරණ යාලුවෝ කීප දෙනෙක් එක්ක කතාවට වැ‍ටුනා. නිකන් යාලුවො නෙමෙයි ඔය කන්නද, බොන්නද, ගහගන්නද මොන මගුලටත් ඉන්න උදවිය තමා.

ඉතින් අද සිද්ධිය ගැන කතා කරද්දි කියවුනා අපිත් ඔතන හිටියා නම් මොනව කරාවිද කියලා…එතකොටම එකෙක් කියාපි අර පළතුරු බීම බොතලේ නිසා මට නම් ඔවා එපා වෙලා ගියා කියලා.

කවුද කිවුවෙ කියල ඉතින් දන්නො දනිති. මම තව මුකුත් ඒ ගැන නොකිය නවතින්නම්.

මේ ගැන නොදන්න කෙනෙකුට නම් මෙලෝ රහක් නැතුව ඇති.

සමා වෙන්න කාලය නාස්ති වුනා නම්..

එහෙනම් ජය වේවා!


Responses

  1. ela ela rabbba……

    ehenam ubath e dawas wala naven badu banna hithan idala thiyenne

    machan mama hitanne sprite bothalayak
    date1 21 wiya yuthuya,

    sory machan mata sinhala unicode thama therenne naha.

    • මට සමවෙන්න පාන්දරම දිනේ වරද්දා ගත්තාට….

      මගෙ මතකය නම් SMAK බෝතලයක්. මොන මගුල හරි හිස් බීම බොතලයක්…..

      ස්තුතියි කට්ටා…


Leave a reply to magelokaya Cancel reply

Categories